එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යාවත් කාලීන කරන ලද යෝජනාවලිය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට විදේශ ගමන් තහනමක් ක්‍රියාත්මක වීමට සහ ඔවුන්ගේ විදේශ ගත වත්කම් භාවිතය අත්හිටුවීමේ අවදානමක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය තුළ පසුගිය රජයේ ප්‍රබලයින් යෝජනාව පරාජය කිරීම සඳහා හැකි සෑම දෙයක්ම සිදු කිරීම පිළිබඳව එත්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ චන්ද්‍රප්‍රේම ඇතුලු කණ්ඩායම වෙතද මහත් බලපෑමක් කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකාවේ හිටපු පාලකයන් මේ තරම් කලබලයට පත්වීමට හේතු වී ඇති කරුණ ලෙස සඳහන් වන්නේ අදාල යෝජනාවලිය සම්මත වුවහොත් ඊට අදාල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම සඳහා ඇමෙරිකානු රජය වෙතින් මුදල් ආධාර ලබා දීමේ තත්ත්වයක්ද නිර්මාණය වීමය.
එයට පසුබිම් වී ඇත්තේ පසුගියදා ආර්ථික සබඳතා පිළිබඳව ඇමෙරිකානු සෙනෙට් කමිටු සභාපති බොබ් මෙන්ඩෙසෙස් ප්‍රමුඛ සෙනෙට් සභිකයන් පස් දෙනකු ශ්‍රි ලංකාවේ රාජපපක්ෂ පවුලේ පාලනය ඇතුළු ශ්‍රි ලංකාවේ ආර්ථික පසුබෑමට බලපෑ ආර්ථික අපරාධ පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලන්නැයි ඇමෙරිකානු රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය ය.
මෙම යෝජනාවලිය මඟින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එවැනි කටයුතු සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය මුදල් ආධාර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත වෙන් කර දෙන ලෙස මෙම සෙනෙට් සාමාජිකයන් ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර බොහෝ දුරට මෙම ඉල්ලීමට ඇමෙරිකානු රජයේ අනුමැතිය හිමිවනු ඇතැයි මෙම අරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.
දැනට ඉදිරිපත්ව ආර්ථික අපරාධ සෙවීම ද ඇතුළත්ව යාවත්කාලීන කරන ලද යෝජනාවලිය ඇති 46/1 යෝජනාවලිය දීර්ඝ කිරීමකට ලක්වුහොත් ඉදිරි දෙවසර තුළ ඊට අදාල කටයුතු සඳහා අවශ්‍ය මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද වැය කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග තදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම : lankasara