gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන සභාව පළමු වරට බ්‍රහස්පතින්දා රැස්වෙයි! ඉන්න කට්ටිය මෙන්න! JVP-TNA යන්නෙ නෑ! SJBත් තවම නම් කරලා නෑ!

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (29) පෙරවරු  10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 
ජාතික සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පසුගියදා පත් කෙරිණ.

ඊට සාමාජික මන්ත්‍රීවරු 35දෙනෙක් ඇතුළත් වෙති.

ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත් කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.

කෙසේවෙතත් ඊට ජවිපෙ සහ දෙමළ සන්ධානය සහභාගී නොවන බව කල් තියා ප්‍රකාශයට පත් කළේය.

සමගි ජනබලවේගයද මෙතෙක් ඊට සිය සාමාජිකයන් නම් කොට නැත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka