gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපතිගෙන් කැබිනට් ඇමැතිකමක් ඉල්ලපු දුමින්දට තුනම නැතිවෙන ලකුණු!

පසුගියදා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු කර ඇත්තේ කලින් ශ්‍රීලනිප කණ්ඩායම සමග ඇති කරගත් එකගතා අනුව නොවන බව දැනගන්නට තිබේ. 
මෙහිදී කලින් තිබී ඇති එකගතාව වී ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූරයක් සහ රාජ්‍ය ඇමැති ධූර 4ක් ශ්‍රීලනිපයෙන් එන කණ්ඩායමට ලබා දෙන බවකි.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා කැබිනට් අමාත්‍ය ධූරයක දිව්රුම් දීමට සූදානමින් සිටියද මෙවර එම අවස්ථාව ඔහුට අහිමිව ගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාට කතා කොට තම අප්‍රසාදය පළ කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දුමින්ද දිසානායක මහතා මෙසේ ආණ්ඩුවෙන් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගැනීමේ සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබීම හේතුවෙන් ශ්‍රීලනිප මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින්නේ දුමින්දු ඇතුලු ආණ්ඩුවේ තනතුරු ගත් කණ්ඩායමම පක්ෂයෙන් ඉවත් කිරීමටය.

ඒ සදහා අවශ්‍ය වැඩ කටයුතු සිරිසේන මහතා විසින් දැනටමත් සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.

එසේ වුවහොත් දුමින්ද දිසානායක මහතාට කැබිනට් ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් පමණක් නොව ශ්‍රීලනිප සාමාජිකත්වයද අහිමිව යාමේ තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka