gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකා හා මහජන බැංකු වල මුදල් හිඟයක්?; මොල්ලුන්ගේ තවත් ගේමක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු ලබන සතියේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

මේ අතර "අරුණ පුවත්පත" වාර්තා කර ඇත්තේ ඉදිරි සතියේ මහා පරිමාණ වී මෝල් හිමියන් වී මිල විශාල ලෙස අඩුකිරීමේ සූදානමක් පවතින බවයි.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් බිලියනය බැගින් මණ්ඩලයට ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබූවත් බැංකු දෙක මුදල් දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබිණි.

මණ්ඩලයට රුපියල් බිලියන දෙකක ණය මුදලක් ලබාදීමට නම් මහ බැංකුවේ සහතිකයක් අවශ්‍ය බවට අදාළ බැංකු දැනුම්දී තිබේ.

නමුත් මහ බැංකුව මූල්‍ය ණය ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන රැසකට සහතික නිකුත් කර තිබීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට සහතිකයක් නිකුත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පැවසේ.

කෙසේවුවද, මීට අමතරව මෙම බැංකු දෙක විසින් පසුගිය කාලයේ ව්‍යාපාරිකයන්ට හිතුමතේ ණය දීම හේතුවෙන් මුදල් හිඟයකින් පෙලෙන බවට ද රාවයක් පවතී.

වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ දී මිලදී ගන්නා මෙට්‍රික් ටොන් තිස් දහසක වී තොගය ඇපයට තබාගෙන අදාළ මුදල ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා ඇතත් බැංකු විසින් එය ද ප්‍රතික්ෂේප කර තිබේ.

උපුටා ගැනීම - srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka