gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ට කාන්තාවක් මාර ගේම් එකක් දීලා!

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදේශක හිමිනමක් සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කාන්තාවක් විසින් සොරකම් කරනු ලැබ ඇති බව වාර්තා වේ. මෙම හිමිනම පසුගිය දිනෙක කොරියාවේ සිට පැමිණෙන සිය ඥාති පුත්‍රයකු රැගෙන ඒම සදහා කටුනායක ගුවන්තොටුපොළට රියැදුරු සමග සිය රථයේ ගොස් ඇත.

කෙසේවෙතත් මෙම තරුණයා සමග ෆෙස්බුක් මගින් හදුනා ගත් තරුණියකද පැමිණ තිබේ.

නමුත් මෙම තරුණයා නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු කොට තිබී ඇති අතර එමනිසා ආගමන විගමන බලධාරීන් එම තරුණයාව ගුවන්තොටුපොළේදී රදවාගෙන ඇත.

එහිදී එම තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් හිමිනම වෙත ලබා දී තිබේ.

ඒ අනුව හිමිනම අදාළ තරුණියද සමග මුදල්ද ගෙන නැවත කොළඹ බලා පැමිණීමට පිටත්ව පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් තරුණියව බස්වා ඇත.

කෙසේවෙතත් පසුව හිමිනම දැක ඇත්තේ තමන් තැබූ ස්ථානයේ මුදල් නොමැති බවකි.

ඒ අනුව හිමිනම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එහිදී අදාළ තරුණිය තමන්ට සහ රියාදුරුට සිසිල් බීම ලබා දී මත්කළ බවක් හිමිනම විසින් පොලිසියට පවසා තිබෙන බවද වාර්තතා වේ.

මේ සම්බන්ධයෙන් පොලිමිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka