අධිකරණයට අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.
අධිකරණයට අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ
2022-09-08T13:49:00+05:30
Gossip Lanka Hot News