gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ ඇතුළේ ගැටුමක්! ප්‍රබලයෙකු තනිවෙයි – මහින්ද, නාමල් මැද්දට පනී!

මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ ආරවුලක් හටගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සංවිධායකයන් ආසන සංවිධායකයන් අතර පවතින ආරවුල් නිසාවෙන් පොහොට්ටුවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳව ද පසුගිය සතියේ වාර්තා වී තිබුණා. 
මේ අතර පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කයෙන් රැස්වීම් මාලාව සඳහා දින සහ වේලාවන් ඇතුළත් සැලැස්මක් නිසා පොහොට්ටුවේ ප්‍රබලයින් අතර ගැටුමක් පවා හටගෙන ඇතැයි වාර්තා වනවා.

පොහොට්ටුවේ මහනුවර ආසන බලමණ්ඩලය කැඳවිය යුතු ආකාරය ගැන මහින්දානන්ද මන්ත්‍රීවරයා විසින් සකස් කළ යෝජනාවලියක් පක්ෂයට භාර දී ඇතත් ඊට සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති වීමෙන් ගැටුමක් හටගැනීමට හේතු වී තිබෙනවා.

මේ දිනවල පොහොට්ටුවේ කටයුතුවල සක්‍රීයව නිරත වී සිටින රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා එම සැලසුමට එකඟ වී නොමැති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

පසුව මහින්දානන්ද මන්ත්‍රීවරයා විසින් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත. ‘‘ කෝ මම මහනුවර වැඩේට කටටිය කැඳවන පිළිවෙළ ඔයාලගේ පක්ෂයට එව්වා තාම මුකුත් වෙලා නෑනේ.”

එහිදී රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ‘නෑ අපි ඒක රිජෙක්ට් කළා’’ යනුවෙන්. එහිදී මහින්දානන්ද මන්ත්‍රීවරයාට වඩා කනිෂ්ඨයෙකු, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රිවරයකු, බැසිල්ගේ හිතවාදී කම නිසාම මහනුවර නායකයා වූ තමාට රංජිත් බණ්ඩාර වැන්නකු තමන්ට කළ මදි පුංචි කම ගැන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ආපන ශාලාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කීපදෙනකු සමග පවසා තිබෙනවා.

මෙම ගැටලුව නිසාවෙන් රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අතර වචන හුවමාරුවක් ද සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.

එහිදී මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ කතාව අසා සිටි සනත් නිෂාන්ත මන්ත්‍රිවරයා ‘‘ඇමැතිතුමා දැන් ඔබතුමා අපේ පක්ෂයේ නෙවෙයිද?ඕගොල්ලන්ගේ පක්ෂේ කිය කියා අපිට හින්ට් ගහන්නේ.’’ යනුවෙන් පෙරළා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ අතර සිටි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාද මහින්දානන්ද මන්ත්‍රීවරයාට දැඩිව චෝදනා කර තිබෙනවා.

මේ අවස්ථාවේ එතැන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා ඔවුන් සමථ කිරීමට උත්සහා ගෙන තිබෙනවා. ‘‘හරි දැන් ඔය කතාව නවත්තන්න. මෙතැන රණ්ඩු කරන්න එපා’’ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
- asianmirror




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka