gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨාභය වගේ කෙනෙක් නැවත දේශපාලනයට ගේන්න ජනතාව මෝඩ විය යුතු නැහැ – උදයංග (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙකු ලෙස දක්ෂයෙක් වුවත් ඔහු දේශපාලඥයෙක් ලෙස දක්ෂයෙක් නොවන බවත් එවැන්නෙක් නැවත දේශපලනයටගෙන ඒමට ජනතාව මෝඩ වියයුතු නැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදීය.

මහින්ද රාජපක්ෂ යන දේශපාලන චරිතයේ ලක්ෂණ ගෝඨාභය රාජපක්ෂ සතුව නොමැති බවත් එය ජනතාවත් නොදැන සිටි බවත් ඔහු සඳහන් කරන ලදී.

හිටපු ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂට වැරදුනේද එම හේතුවෙන් බවයි වීරතුංග මහතා කියා සිටියේ.

කෙසේවෙතත් ඔහු නැවත ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka