gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද අමරවීර ටීවී එකට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න පක්ෂ මධ්‍යම කාරක සභාව කිසිම තීන්දුවක් ගත්තේ නෑ! ශ්‍රීලනිපය නිල නිවේදනයක් නිකුත් කරයි!

මහින්ද අමරවීර මහතා රූපවාහිනී වැඩසටහනකදී වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබා ගත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.

එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දක්වා ඇත.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි.

2022.08.23 දින රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ ‘තීරණය’ දේශපාලන වැඩසටහනේ දී මහින්ද අමරවීර මහත්මා වත්මන් රජයේ අමාත්‍යධුර ලබාගැනීම සම්බන්ධයෙන් ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් සිදු කරන ලදී. 2022 අප්‍රේල් 11 වන දින අප මධ්‍යම කාරක සභාවේ දී දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණය කොට මෙතෙක් පැවති සාම්ප්‍රදායික ආණ්ඩුවක අමාත්‍යධූරය ලබා නොගැනීමටත් එයට සහයෝගය දක්වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පක්ෂයක් ලෙස අප ඉදිරිපත් කළ කොන්දේසි මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා නම් පමණක් බව නිමල් සිරිපාල මහතා ද තරයේ ප්‍රකාශ කරන ලදී. ඉන් ඔබ්බට යමින් පක්ෂයේ ගරු සභාපතිතුමා ද 2022 මැයි 24 වන දින පැහැදිලි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වත්මන් ආන්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරනයට පටහැනි ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ලදී.

මෙවැනි තත්වයක් තුළ මහින්ද අමරවීර මහතාත්, නිමල් සිරිපාල මහතාත් එක්වරම කැබිනට් අමාත්‍ය ධුර දෙකක් ලබා ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාවේ අප සියලු දෙනා විශ්මයට පත්වන කාරණයක් විය. පක්ෂ මධ්‍යම කාරක සභාව, පාර්ලිමේන්තු කණ්ඩායම, දේශපාලන මණ්ඩලය යන ත්‍රිත්වයටම එරෙහිව නිමල් සිරිපාල මහතාත් මහින්ද අමරවීර මහතාත් ගත් තීරණය එසේ වූ කල 2022.08.23 රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ තීරණය වැඩ සටහනේ දී පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත අමාත්‍යධූර ලබා ගැනීම යන ප්‍රකාශය ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් බව තරයේ ප්‍රකාශ කරන අතර එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස කිසිවිටකත් පක්ෂයේ තීරණයක් නොවන බවද ප්‍රකාශ කරමු.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka