යම් හෙයකින් තමාගේ ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කළ හොත් නැවත තමන් පැමිණෙන්නේ, එම තනතුරටත් ඉහළින් ඇති ගෞරව නාමය සමඟ බව ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (15) රාත්‍රියේ ‘හිරු ටීවී සලකුණ’ වැඩසටහන හා එක් වෙමිනි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එබව සඳහන් කළේ, මේ වන විට උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ෆීල්ඩ් මාර්ෂල් ධුරයෙන් ඉවත්කර ඔහුව අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ගැන පලවන වාර්තා සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරිමේදී ය.
එහි දී එලෙස ලැබෙන ගෞරව ධුරය කුමක් ද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එම තනතුර ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ඉහළින් ඇති රටේ නම් හා සම්බන්ධ වන අතිගෞරවනීය තනතුරක් බව යි.
ඒ අනුව ඔහු හැඳින්විය යුත්තේ “Marshal of the Srilanka” ලෙසින් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එහි දී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ, තමා හට එම ධුරය හිමි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තූතිවන්ත වන බව යි.
යම් හෙයකින් තමන්ගේ තරු හතරේ ජනරාල් ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉවත් නො කළේ නම්, තමාට මෙම ධුරය නොලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.