gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාගේ ප්‍රකාශයට ආණ්ඩුපක්ෂය බිය වෙති!

ජනතාව ලබන 9 වැනිදා කොළඹට ඒකරාශිවී අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා  කර ඇති  බරපතළ  ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව  ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (03) ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු  කර අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය  කරන බවද  අමාත්‍යවරයා පවසා ඇත.

රටේ  ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  සමඟ ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැති සාකච්ඡාවකදි   අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.

සරත් ෆොන්සේකා මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් හෙයින් මහජන කැළඹීමක් ඇතිකිරිම සඳහා සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානය  යොමුකර ඇති බවයි.

එමෙන්ම පසුගිය මැයි මස 09 වැනිදා ඇතිවූ කලහකාරී තත්වයත් සමඟ සිදුකර ඇති  නිවාස හා දේපළ  හානි සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ  නිවාස හා දේපළවලට  සිදුකළ හානි සම්බන්ධයෙන් පිරිස්  අත්අඩංගුවට ගැනීම  මේ වනතෙක් සිදුව නොමැතිනම් එම තොරතුරු සම්බන්ධයෙන් තමා  දැනුවත් කරන ලෙසද ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙම සිදුවීම් වලට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් හා විමර්ශන කඩිනමින් සිදුකරන බවටද අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට පොරොන්දුවී ඇත.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka