දළදා මාළිගාවේ අවසන් මහ පෙරහර නැරඹීම සඳහා මහනුවර රජින හෝටලයේ කොරිඩෝවේ අසුන් වෙන් ලබාදෙන ලෙස මහනුවර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා තර්ජනය කළ යැයි මහනුවර මහ නගර සභාවේ ගණකාධිකාරීවරයා විසින් පැමිණිල්ල සිදුකර තිබේ.
මහනුවර නාගරික කොමසාරිස්වරයා වෙත පැමිණිලි කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රැජිණ හෝටලයේ කොරිඩෝවේ අසුන් දහයක් පොලිසියට වෙන් කරන්නැයි මෙම තර්ජනය සිදුකරන ලද බවයි.
මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නිමිත්තෙන් හෝටල් කොරිඩෝවේ ආසන වෙන් කිරීම සිදුකරන්නේ නගන සභාව විසිනි.
කෙසේ වෙතත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරන්නේ මහනගර සභා සේවකයන් විසින් මෙම අසුන් වෙන් කිරීම සිදු කිරීමේ දී රුපියල් 10000, 15000, 20000 වැනි ඉහළ මිළ ගණන් වලට විකුණන බවත් දින කිහිපයකට පෙර විදේශිකයෙකුට රුපියල් 30000 කට ආසනයක් විකුණා තිබූ බවත්ය.
මෙය ජාවාරමක් ලෙස කරගෙන නිසා තමා නගර සභාවේ නිලධාරීන්ට අප්‍රසාදය පළ කළ බවද කී ඔහු බලහත්කාරයෙන් ආසන වෙන්කර ගැනීමේ උවමනාවක් නැති බවත් කියා සිටියේය.
