gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක්... රටේ බහුතර ජනතාව ඔහු සමගයි - නිමල් සිරිපාල

ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා පැවසීය.


ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන කතා කරන්නේ නැතිව අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා කීය.

මෙි වන විට රටේ තිබෙන ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙමින් තිබෙන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බවද පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.

– ලංකාදීප


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka