gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට සිට මන්ත්‍රීවරු පස් දෙනා ගානේ මානව හිමිකම් කොමිසමට කැඳවයි! ප්‍රකාශ සටහන් කර ගන්න සියල්ල ලෑස්තියි!

පසුගිය මැයි 9 වැනිදා සහ ඉන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ නිවාස ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය හෙට (19) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
කොමිසමේ සභාපති විශ්‍රාමික ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පැවසුවේ, එම විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සඳහා නිවාස සහ දේපොළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු බැගින් හෙට සිට දිනපතා කොමිසම හමුවට කැඳවන බවයි.

මෙම විශේෂ විමර්ශනය සඳහා කොමිසම මගින් විශේෂ නිලධාරියකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් ද පත් කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සඳහන් කළේ, මැයි 9 වැනි දා සහ ඉන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස සහ දේපොළ හානි වීම් පිළිබඳව පැමිණිලි 100 කට ආසන්න සංඛ්‍යාවක් සිය කොමිසම වෙත ඉදිරිපත්වී ඇති බවය.

මේ අතර 2022 වසරේ මාර්තු 31 වැනි දා සිට මැයි 15 වැනි දා දක්වා කාලසීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ දේපොළ ගිනි තැබීම් ඇතුළු කලහකාරි සිදුවීම් පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට, මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 521 කි.

එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කළේ, පැමිණිලි 107 ක් ගම්පහ දිස්ත්‍රිකකයෙන් ලැබී ඇති බවයි.

කොළඹ දිස්ත්‍රිකක්යෙන් පැමිණිලි 88 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 86 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26ක් ඉදිරිපත් වී තිබේ.
 
ලේකම්වරයා ප්‍රකාශ කළේ, අදාල පැමිණිලි අතර නිවාස ගිනි තැබීම්, පක්ෂ කාර්යාල ගිනි තැබීම්, බස් රථ ගිනි තැබීම් සහ නිවාසවලට ගල් ගසා අලාභ හානි සිදු කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් බවයි.  

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් වාර්තා අනුව, මේ වනවිට හානි වූ දේපොළවල වටිනාකම ගණනය කිරීම් ද ආරම්භ කර තිබේ.

මාර්තු 31 සිට මැයි 15 දක්වා කාල සීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපොළ හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ඇතුළු නිවාස ගිනි ගැනීමට ලක් වූ පාර්ශවවලට වන්දි ගෙවීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම වෙනුවෙන්, හානි පුර්ණ කාර්යාලයට ඒ පිළිබඳ අයැදුම්පත් ‍යොමු කරන්නැයි, ගිනිගත් නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව දැනුම් දී ඇත.

එම කමිටුවේ ප්‍රධානි ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ වනවිට හානි පුර්ණ කාර්යාලට පැමිණිලි 15 ක් ලැබී ඇති බවයි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් සහ පොලිස් වාර්තා අනුව ගිනි ගැනීම්වලින් හානි වූ නිවාස ඇතුළු දේපොළවල වටිනාකම ගණනය කිරීමෙන් පසුව හානි පුර්ණ කාර්යාලය මගින් අදාල වන්දි ගෙවනු ඇති. -නිව්ස්ෆස්ට්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka