අරගලයට උදව් කළ සුදු කත අත්අඩංගුවට ගෙන BlackList කර පිටුවහල් කරන්න නියෝග!
ගාලු මුවදොර අරගලයට එක්වෙමින් වීසා කොන්දේසි කඩ කළ බ්‍රිතාන්‍ය පුරවැසි ස්කොට් ජාතික කේලි ෆේසර්ට මේ වන විට අතුරුදන්ව තිබේ. රටින් පිටවීමේ නියෝගය නොතකා සැඟවී සිටින එම තරුණිය වහාම අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් කඳවුරට යැවීමට ආරක්ෂක අමාත්‍යාංශ උපදෙස් අනුව ආගමන විගමන නිලධාරීන්ට නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහායට ඈ සොයා විමර්ශන අරඹා තිබේ.
කේලි ෆේසර්ට මෙම 15 දාට පෙර රටින් පිටව යන ලෙස නියෝග කර තිබුණේ ඇයට එරෙහිව එල්ල වන වීසා කඩකිරීමේ චෝදනා පිළිගත් පසුවය.
දැනටමත් මෙම විදෙස් කත සැඟ වී සිටින බවට මෙන්ම ඇයට මෙරට සිට උදව් උපකාර දෙන ඉහළ නිලධාරීන් ගැන ද අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
අත්අඩංගුවට ගත් පසුව ඇයව විදෙස් ගතවීමට ගුවන් ටික්ට් පත් ලැබෙන තුරු මිරිහාන ආගමන විගමන කඳවුරේ රැඳවීමටත්, අසාදු ලේඛන ගතකර (Black Listed) ඈ පිටුවහල් කිරීමටත් නියෝග ලබා දී තිබේ.

- emanisa
අරගලයට උදව් කළ සුදු කත අත්අඩංගුවට ගෙන BlackList කර පිටුවහල් කරන්න නියෝග!
2022-08-19T11:03:00+05:30
Gossip Lanka Hot News