චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
ලබන 05 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ‘යුආන් වැන්ග් 5’ නෞකාව මුල් කරගෙන අමෙරිකානු රජය සිය ප්‍රබල විරෝධය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත දැනුම් දීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සදහන් කරයි.
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මය විසින් අද හෝ හෙට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය වෙත මෙම විරෝධය පළ කිරීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙය රාජ්‍යතාන්ත්‍රික භාෂාවේ හදුන්වන්නේ ‘ඩිමාෂ්’ යනුවෙනි.
ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ එවැන්නක් සිදුවුවහොත් එය ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිදුවන්නක් බවත්, එය දෙරට අතර සබධතාවයන්ට අහිතකර ලෙස බලපාන බරපතළ ඝනයේ සිදුවීමක් බවත්ය.
ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා ඇති මෙවැනි මොහොතක එම අරමුදලට දැඩි බලපෑමක් කළ හැකි සහ එහි විශාල දායකත්වයක් දරන අමෙරිකාව වැනි රටක් මේ අවස්ථාවේදී මෙවැනි කටයුත්තක නිරත වීම ලංකාවට ඉතා අහිතකරව බලපානු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමට අයත් මධ්‍ය කණ්ඩායමේ රටවල් අතර අමෙරිකාවද සිටින අතර ඒ හරහා ඔවුන්ට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළද විශාල බලපෑමක් සිදු කළ හැකි බව එම ආර්චි මාර්ග පෙන්වා දෙයි.
චීන මහජන විමුක්ති හමුදාවට අයත් මෙම නෞකාව අතිතියුණු සන්නිවේදන උපකරණ සහිත එකක් වන බැවින් ප්‍රබල ඉන්දියාවද මෙම පුවත පළවු අවස්ථාවේදීම ඊට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබූ අතර චීනයට පැහැදිලි පණිවුඩයක් ලබා දීමටද පියවර ගෙන තිබිණ.
චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
2022-08-03T10:13:00+05:30
Gossip Lanka Hot News





