gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග!

වෛද්‍යමය හේතු මත ශ්‍රි ලංකාවේ ගත කිරීමට  වීසා ලබාගෙන පැමිණ සිටියදී ගාලු මුවදොර අරගලයේ වීඩියෝ සමාජ ජාලවලට මුදා හැරීම සිදු කළ බවට චෝදනා කරමින් සිය විදේශ ගමන් බලපත්‍රය රඳවා ගැනීමට ලක් වූ කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නම් තරුණියගේ මෙරට රැඳී සිටීමේ වීසා බලපත්‍රය (MED/002918 අංක දරණ)  වහාම අවලංගු කර ඇති බවත් ඇයට ලබන 15 වැනිදාට පෙර ශ්‍රි ලකාවෙන් පිටවන ලෙසත් ආගමන විගමන දෙපාර්තමන්තුව විසින් නියෝග කරනු ලැබ ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු විසින් අත්සන් කරන ලද  නිවේදනයකට අනුව ඇයට මෙලෙස රටින් පිටවන ලෙස  නියෝග කර ඇත්තේ ඊයේ (10) ය. 
 
ඇයගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය පසුගියදා ආගමන විගමන නිලධාරීන් විසින් ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණ රැගෙන ගිය අතර එහිදී ඇය වෙත දන්වා තිබුණේ ගාලු මුවදොර විරෝධතා ඉන්ස්ට්‍රග්‍රාම් සමාජ ජාල වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ඇය චෝදනාවාට ලක්ව ඇති බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka