gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එකම රැස්වීමෙ කතා කළ රත්නප්‍රිය ඩිරෙක්ටර් ජෙනරාල්… ස්ටාලින් ඇතුළේ.. මේ මොකක්ද ?. රාජිත ජනපතිගේ මූණට අසයි! (video)

එකම රැස්වීම කතා කළ සමන් රත්නප්‍රිය අධ්‍යක්ෂ ජනරාල් වීමටත් ජෝෂප් ස්ටාලින් හිරේ යෑමටත් හේතුවක් තිබිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවේ කීවේය.

තමන් ජෝෂප් ස්ටාලින් හමුවීමට ගිය බවත් ඔහු 12 වැනිදා දක්වා බන්ධනාගාර ගත කළ බවත් කී රාජිත සේනාරත්න ඔබව අගමැති කිරීම සඳහා දිවා රෑ නොබලා 2015 දී වෙහෙසුන, අපේ අණ්ඩුකරණය සම්බන්ධ කළකිරී පළමු මාස තුන තුළම වෙන්වී ගිය මුල්ම පුද්ගලයා වූ ජෝෂප් ස්ටාලින් නම් අවිහිංසාවාදී වෘත්තීය සමිති නායකයා ඔබට අමතකදැයි රාජිත ජානධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඔහු කීවේ සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩකාරී අරලගලකරුවන් කවුරුන්දැයි වෙන් කරගැනීමට නිශ්චිත මානයක් තබා ගන්නා ලෙසය.  ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට ගෙනත් දඬුවම් කළත් කමක් නැති බව කී රාජිත සේනාරත්න  මේ  අනවශ්‍ය නඩු පැවරීම් නීතිපතිවරයා හා සාකච්ඡා කර ඉවත් කරගන්නා ලෙස යෝජනා කළේය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙසේත් කීවේය.

“ඔබතුමා කියනවා , සාමකාමී අරගල කරුවන් ආරක්ෂා කිරිමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මා විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා කියලා. ඔබ තුමා දන්නවා අරගලය කියන්නෙ ගෝල්ෆේස් නෙමෙයි. මේ ප්‍රකාශ වුනේ බඩගින්න. එය සංකේතාත්මකව ප්‍රකාශ වෙච්ච තැන තමයි ගෝල්ෆේස් එක. මෙතනදි ඔබතුමා  අඳුනගන්න ඕන සාමකාමී කවුද ප්‍රචණ්ඩ කව්ද කියලා.

ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයට ගෝල්ෆේස් ගෙන්වල හරි දඬුවම් දෙන්න.  ඒ ගැන කිසිම කතාවක් නෑ. අපි සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධයි.  ඔබතුමාගේ ගේ ගිනි තියපු වෙලාවෙ මම බෙහෙවින්ම කම්පා වුනා.

මම ඊයෙ ගියා  ජෝසප් ස්ටාර්ලින් සහෝදරය බලන්න. 2015දි අපේ ජයගහ්‍රණය වෙනුවෙන්,  ඔබතුමාට මතක ඇති ඒ කැම්පේන් එක. අපේ “ප්‍රජාව “ මධ්‍යස්ථානයේ නිදියගෙන ඉඳලා පැය 24 ඔබතුමා අගමැති කරන්න වැඩ කළ මිනිහෙක්. මාස තුනක් යනකොට අපේ ආණ්ඩුවෙ හැසිරීම අනුව ඉස්සරවෙලාම ඉවත් වුනේ ජෝෂප් ස්ටාලින්.“

“දැන් ඔබතුමාට  වාර්තා කරලා ඇති දැන් එයා ඉන්නෙ පෙරටුගාමී එක්කලා කියලා. ජේ.වී.පී වෘත්තීය සමිති එක්ක වැඩ කරනවා කියලා. නමුත් ඔහු අවිහිංසාවාදී අහිසංක මිනිහෙක්. දැන් එයා 12  වෙනිදා වෙනකම් ඇතුළට දැම්මා.“

“මම සමන් රත්නප්‍රිය සහෝදරයට කතා කළා. ඔයයි එයයි එක රැස්වීම කතා කරලා එයා ඩිරෙක්ටර් ජෙනරල් වෙනවා. මෙයා හිරේ යනවා. ඒක වෙන්න බෑ. “

“ඔබතුමා මේ අනවශ්‍ය නඩු පවරා තියන ඒවා නීතිපති තුමා එක්ක කතා කරලා අයින් කරන්න. ඒකම හොඳ සංඥාවක් වෙයි මේ යන ගමන ගැන. “

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka