gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් - රනිල් එකතු කරන්න මලික් යළි බර කරට ගනියි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර එකඟතාවයක් ගොඩනැගීමට හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සමරවික්‍රම මහතා වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිත්‍රයකු වන අතර එසේම ඉකුත් ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ සංධානයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනපතිධූර අපේක්ෂකයා කිරීමට ද විශාල වැඩකොටසක් කළ අයෙකි.

කෙසේවුවද, සමරවික්‍රම මහතා ජතික බලවේගය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සංවිධානය කිරීමට ද පසුගිය කාලයේ විශාල වෙහෙසක් ගෙන ඇතත් එය අසාර්ථක වී තිබේ.

මේවන විට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ ලෙස ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමට නොහැව තිබේ.

විපක්ෂයේ 16ක් ආණ්ඩුවට

මේ අතර, දේශය පුවත්පත වාර්තාකර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 16 දෙනෙක්  තීරණය කර ඇති බවයි.

එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බවත් සඳහන් වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද සඳහන් වේ.

කෙසේවෙතත් එළඹෙන සතිය අවසානයේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගන්නා බවත් ඉන් පසුව එන සතියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවත් කම්කරැ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද පවසා ඇත.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka