gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජපනුන්ට වකුගඩු විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට!

ජපානයේ ලාබ නොලබන  සංවිධානයක මෙහෙයවීමෙන්  ශ්‍රි ලංකාව  තුළ නීති විරෝධීව සිදු කිරීමට සැලසුම්කර ඇති වකුගඩු බද්ධ කිරීමක් පිළිබඳ වාර්තාවේ. ඒ අනුව වරකට වකුගඩු බද්ධ කිරීම් සඳහා ජපාන ජාතිකයින් දෙදෙනෙකු බැගින් ජපාන ජාතිකයින් දස දෙනෙකු මෙරටට එවීමට ඔවුන් සැලසුම් කර ඇති බවද අනාවරණය වේ.

මෙම සැලසුම් කළ වකුගඩු බද්ධ කිරීම් මෙරට ඇතිව තිබූ ආර්ථික සහ දේශපාලනික අස්ථාවර  භාවය හේතුවෙන් කල් දැමීමට සිදුව ඇති බවද අදාල ආරංචි මාර්ග අනාවරණය කර ඇති බව ජපාන මධ්‍ය වර්තා කරයි.

ඉතාම සූක්ෂම ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන ගිය මෙම වකුගඩු ජාවාරමේ සම්බන්ධීකරක වශයෙන් කටයුතු කර ඇත්තේ 58 හැවරිදි තුර්කි ජාතිකයෙකි. මෙම පුද්ගලයා 2017 වර්ෂයේදී මිනිස් අවයව ජාවාරම්වලට සම්බන්ධ වීමට සැකපිට 2017 වර්ෂයේදී යුක්‍රේන බලධාරීන්ගේ අත්අඩංගුවටද පත්වුවෙකි.

මේ අතර මෙම ජාවාරම්කරුවන් විසින් ඉකුත් වසරේ කිර්ගිස්ථානයේදී ජපාන රෝගියෙකු සඳහා වකුගඩු බද්ධ කිරීමක් සිදුකර ඇත. එහිදී එම වකුගඩුව ලබාදුන් පුද්ලයාදට ජපාන යෙන් මිලියන දෙකක මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වේ.

අනාවරණය වන ආකාරයට මෙම රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් විසින් ප්‍රධාන වශයෙන් රෝගීන් චීනයට රැගෙන ගොස් මරණට පත් පුද්ගලයින්ගෙන් ලබාගත් වකුගඩු බද්ධ කිරීමද සිදුකර තිබුනද කොරොනා වසංගත හේතුවෙන් එම ප්‍රයත්න අසාර්ථක වී ඇත.

ඒ අනුව මෙම සංවිධානය විසින් අදාල තුර්කි ජාතිකයාගේ සහය ලබා ගැනීම සිදුකර තිබේ. මෙම ජවාරම්කරුගේ සහය ඇතිව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ජපාන රෝගීන් දෙදෙනෙකු බල්ගේරියාවේ  රෝහලකදී වකුගඩු බද්ධ කිරීම් වලට ලක්ව ඇත.

මෙම සැත්කම සාර්ථක වුවත් බල්ගේරියානු බලධාරීන් විසින් එරට තුළ නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සැත්කම් නවත්වා දැමීමට සිදුව ඇත.

මේ අතර  පසුගිය වසරේ ජුනි මාසයේදී 58 හැවිරිදි කාන්තා රෝගියෙකුට සහ අනෙකුත් රෝගීන්ට උස්බෙකිස්තානය වෙත තුර්කිය හරහා  ගමන් කිරීමට අදාල රාජ්‍ය නොවන සංවිධානය  විසින් සූදානම් කර තිබිණි.  එහිදී ජාවාරම්කරු විසින් උස්බෙගිස්ථානයේ ජාතික රෝහලක බද්ධ කිරීම් සංවිධානය කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇත.

පසුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අදාල  කාන්තාව ඇතුළු රෝගීන් හතර දෙනෙකු අසල්වැසි කිර්ගිස්තානයට ඇතුළු වූ අතර එහිදී ඇයට වකුගඩු බද්ධ කිරීමක් සිදු කරන ලදී. එහිදී වකුගඩු  දායකයා වි ඇත්තේ යුක්රේන ජාතිකයෙකු බවට අනාවරණය වේ.

කෙසේ වෙතත් ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාව දැඩි ලෙස රෝගාතුර වූ අතර, වෙනත් මාර්ගයකින් රෝහලට පැමිණ බද්ධ කිරීමකට ලක් වූ ඊශ්‍රායල ජාතිකයෙකු එහිදී මිය ගියේය. ඒ අනුව අනෙක් ජපන් තිදෙනාට බද්ධ කිරීමක් සිදු කර කිරීමට නතර කිරීමට පියවරගෙන ඇත.

මෙම වසරේදී අදාල තුර්කි ජාතිකයා විසින් ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීම සඳහා යෝජනා කර ඇත. එහිදී අදාල රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකු පවසා ඇත්තේ තමන් ජුලි මාසයේදී රෝගීන් ගෙන්වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අදාල රාජ්‍ය නොවන සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසා ඇත්තේ සිය වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත්තේ අනතුරු වලින් මරණයට පත්වූ පුද්ගලයිනගේ අවයව පමණක් බවයි.

උපුටා ගැනීම : lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka