අනිද්දා සවස 5ට පෙර සියලු ඉදිකිරීම්-බෝග වගා ඉවත් කරගන්න! ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසිය අවසන් නිවේදනය නිකුත් කරයි! (video)
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කරගන්නා ලෙස ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙත පොලීසිය අද (3) පස්වරුවේ දැනුම් දී තිබේ.
අනිද්දා (5) පස්වරු 5.00 ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පියවර ගත යුතු බවත් කොටුව පොලිසිය මගින් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත.
එසේම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පොලිසිය නිවේදනය කර තිබේ.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවත් උඹ කතා කරුවන් වෙත පොලිසිය දැනුම් දී ඇත.
මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙස ද එහිදී පොලිසිය දැනුම් දී තිබේ.
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල අප්‍රේල් නම වන දා සිට විරෝධතාකරුවන් අඛණ්ඩව රැඳී සිටිනු ලැබීය.
අනිද්දා සවස 5ට පෙර සියලු ඉදිකිරීම්-බෝග වගා ඉවත් කරගන්න! ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසිය අවසන් නිවේදනය නිකුත් කරයි! (video)
2022-08-03T18:51:00+05:30
Gossip Lanka Hot News






