gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි කප්පාදුව පැය 12ක් දක්වා ඉහළට!

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබන සැප්තැම්බර්වලින් පසුව නොලැබුණොත් මේ වසර අවසානයේ දවසින් බාගයක් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

සැප්තැම්බර් මාසය දක්වා දැනට ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් ඇති බවත්, සැප්තැම්බැර්වලින් පසුව මාර්තු මාසය දක්වා මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 800 ක් වැයවන නිසා පවතින මුල්‍ය අර්බුදය හමුවේ එය මිලදී ගැනීමට නොහැකි වුවහොත් විශාල විදුලි අර්බුදයක් ඇතිවන බව හෙතෙම සඳහන් කළේය.

දැනට ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 325ත් 350ත් අතර වන බවත් එය මීට පෙර මිලදී ගැනීම් සමඟ සසඳන විට තුන් ගුණයක ඉහළ යාමක් බවත් රත්නායක මහතා පැවසීය.

ගල්අඟුරු මිලට ගැනීම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබේ. පවතින විදුලි අර්බුදයට නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 900 විශාල බලපෑමක් කරන මොහොතක එය අහිමි වුවහොත් බරපතල විදුලි අර්බුදයක් ඇතිවෙන බව ඔහු වැඩිදුරටත් කීය.

මූලාශ්‍රය - දේශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka