අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!
අරගලයට සක්‍රීය ලෙස දායක වූ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ අරගල කරුවන්ගේ නාමලේඛනයක් සකසාගෙන ආරක්ෂක අංශ විශ්ව විද්‍යාල භූමියට පැමිණ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් වලට ආරක්ෂක අංශ ගොස් නිවැසියන් බිය වද්දමින් සිටින බවටද තොරතුරු ඇති බව හෙතෙම සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දෙකහිම යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රඳවා ශිෂ්‍යයන් ගමන් ගන්නා වාහන පවා පරීක්ෂා කරන බවට ද හෙතෙම චෝදනා කළේය.
කූට ලේඛණ සකසා රටපුරා සිටින අරගලකරුවන් අත්අඩංගුවට ගත්තද අරගලය නතර නොවන බවද ඔහු එහිදී අවධාරණය කළේය.
අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!
2022-07-30T07:33:00+05:30
Gossip Lanka Hot News





