“රාජපක්ෂ පවුලට සහය දැක්වීමට ඉන්දීය හමුදාව යවන්න ඕනි! ඉන්දියාව කොහොමද මේවාට ඉඩ දෙන්නෙ” - සුබ්‍රමනියන් ස්වාමි මොනාද මේ කියන්නෙ?
ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා.
ඔහු ඒ බව කියා සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
අදාළ ට්විටර් පණිවිඩය මගින් ඔහු විමසා සිටියේ,
“ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බැවින්, එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැර පිරිසක් විසින් පෙරළා දැමීමට ඉන්දියාව ඉඩ දෙන්නේ කෙසේ ද?“ යනුවෙන්.
තව ද, “අපේ අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත තත්ත්වයක පසු වන්නේ නැත“ යනුවෙන් ද ඔහු එම පණිවිඩයේ සඳහන් කොට තිබුණා.
(සුබ්‍රමනියන් ස්වාමිගේ ට්විටර් පණිවිඩය පහතින්)
“රාජපක්ෂ පවුලට සහය දැක්වීමට ඉන්දීය හමුදාව යවන්න ඕනි! ඉන්දියාව කොහොමද මේවාට ඉඩ දෙන්නෙ” - සුබ්‍රමනියන් ස්වාමි මොනාද මේ කියන්නෙ?
2022-07-11T07:10:00+05:30
Gossip Lanka Hot News







