සිරස මාධ්‍යවේදීන්ට තිරිසන් විදිහට පහර දෙන්න නියෝග කළ SSP රොමේෂ් ලියනගේගේ වැඩතහනම්!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ.
ඊට අදාල නියෝගය මේ වන විට පොලිස් මූලස්ථානයේ සකස් වෙමින් ඇත.
එසේ ඔහුගේ වැඩ තහනම්කර ඇත්තේ එම පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කළ පරීක්ෂණයට අදාල අතුරු වාර්තාව අද උදෑසන පොලිස්පතියා අතට පත්වීමෙන් අනතුරුවය.
මෙම පහරදීමෙන් ජනමාධ්‍යවේදීන් 06 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.
සිරස මාධ්‍යවේදීන්ට තිරිසන් විදිහට පහර දෙන්න නියෝග කළ SSP රොමේෂ් ලියනගේගේ වැඩතහනම්!
2022-07-11T13:35:00+05:30
Gossip Lanka Hot News





