gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි!

පාර්ලිමේන්තුව (නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය) අද (28)  මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරිණ.

වාර අවසාන කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය රාත්‍රී නිකුත් කරනු ලැබීය.

වාර අවසාන කෙරුණු  පාර්ලිමේන්තුව ගැසට් නිවේදනයේ  දැක්වෙන අන්දමට  ජනපතිවරයා විසින්  උත්සවාකාරයෙන් නැවත විවෘත කෙරෙන්නේ ලබන මස 3  වැනිදා බදාදාය.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්  කරනු ඇත.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව වාරඅවසාන කර උත්සවාකාරයෙන් විවෘත කිරීම  සාමාන්‍ය සම්ප්‍රදායක්ය.

පාර්ලිමේන්තුව  වාර අවසාන කිරීමත් සමගම එහි කෝප්, කෝපා ඇතුළු   කමිටු 50 කට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.

එම කමිටු සක්‍රියවීමට නම් ඒවායේ  සාමාජිකයන් පත්කර නැවතත්පිහිටවනු ලැබිය යුතු වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka