20දා ජනපති ඡන්දයට පෙහොට්ටුවෙන් අපේක්ෂකයෙකු නෑ!
ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජුලි 20දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රී ලංකා පොදුජන පෙරමුණ පවසා ඇත්තේ "වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභිනව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු (අභ්‍යන්තර) ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු නම් කළහොත් එය පෙර සඳහන් අපේක්ෂාව හා ගැටෙන බැවින් අභිනව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම අප පක්ෂයේ තීරණය," බවයි.
මේ අතර, අද (15) පෙ.ව. 10.00ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානයක - මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ මීට පෙර පක්ෂ නායකයින් විසින් තීරණය කළ පරිදි නව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට ජූලි 19දා නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව ජූලි 20දා ඡන්ද විමසීම පවත්වන බවයි.
20දා ජනපති ඡන්දයට පෙහොට්ටුවෙන් අපේක්ෂකයෙකු නෑ!
2022-07-15T13:29:00+05:30
Gossip Lanka Hot News






