gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුප්‍රාප්තික ජනාධිපතිකමට කීප දෙනෙක් ඉදිරිපත් වුවහොත් කරන්නේ කුමක් ද?

අනුප්‍රාප්තික ජනාධිපති පදවිය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නාම යෝජනා බාර දුන්නහොත් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වන බවත් එයින් සීයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පුද්ගලයා ජනාධිපති ධුරයට පත් වෙන බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නාම යෝජනා ලබා දී තිබුණහොත් මනාප ලකුණු කිරීමේ ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය විමසනු ලබයි.

එහිදී වැඩිම මනාප ලබන පුද්ගලයාට සියයට  50ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් අහිමි නම් එහිදී දෙවැනි මනාපය ද ගණනය කර එය ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලබයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතෙහි සඳහන් පනත්වලට අනුකූලව මෙලෙස දෙවැනි මනාපය ගණන් කිරීමට අවස්ථාව සැලසෙන බව සාලිය පීරිස්   පැහැදිලි කළේය.

මින් පෙර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් වූයේ 1993 මැයි 7 වැනිදාය. ඒ මැයි 01 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය පසුයි. එවකට අගමැති ධුරය දැරූ ඩී බී විජේතුංග   නාම යෝජනා ඉදිරිපත් කළ අතර ඔහු සමඟ තරඟයට වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවූ බැවින් මැයි 07 වැනිදා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලදී.

හැකි ඉක්මනින්   අනුප්‍රාප්තික ජනාධිතිවරයා තෝරාගෙන මෙරට දේශපාලන තත්ත්වය ස්ථාවර කරන්නැයි සාලිය පීරිස්  ඉල්ලා සිටියි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka