gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කිසි දේකට බිය වෙන්න එපා... මම යළි දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද රාජපක්ෂ

බිහිසුණු ලෙස රෝගාතුර වී  දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට වාර්තා පල වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඊයේ (04) සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. ජනධිපති ගෝඨාභයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැතිවිනි.

මැයි 09 රටේ ඇතිවූ කළහකාරී සිද්ධියෙන් පසු  මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී  දේශපාලන කටයුතු වලින් ඈත් වී සිටිය ද   යළි දේශපාලන කටයුතු ආරමභ කළ බව ඔහු ඊයේ පැවසුවේය.

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පැමිණි මහින්ද රාජපක්ෂ දුටු පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් ඔහුගේ සුව දුක් විමසා බැලුවේ පසුගිය දා හිටපු අගමැතිවරයා  රෝහල්ගතව ඇති බවට වූ ප්‍රවෘත්ති පිළිබඳව ද යළි සිහිපත් කරමිනි.

“ ඔය ප්‍රවෘත්ති මමත් ගෙදර ඉඳගෙන මමත් බැලුවා.  ඕවා අමූලික බොරු. මම හොඳින් ඉන්නවා. වෙනදා මෙන් යළි දේශපාලන කටයුතු ආරම්භ කරනවා. බය නැතිව ඉන්න“ යැයි මහින්ද රාජපක්ෂ  පවා ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka