gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"මගේ සරමයි කලිසමයි ගැලවිලා වාහනේ ඇතුළේ යට ඇඳුම පිටින් හිටියේ " - ගිනි තැබූ සිදුවීම ගැන වෙල්ගම කියයි (VIDEO)

පසුගිය මැයි 09 වැනිදා කොට්ටාව අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී සිදුවූ බිහිසුණු අත්දැකීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

"ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දාන්න එපා කියලා කෑ ගහලා කියපු පලවෙනි මිනිහා මම."

"මම එදා ගෙදර යන්න කොට්ටාව පිවිසුමට දාද්දි කට්ටියක් ඇවිලා වාහනය නවත්තලා වටකරගෙන ගහන්න පටන් ගත්තා.මගේ ආරක්ෂකයා ඇවිල්ලා මාව බදා ගත්තා ගහන්න එපා කියලා. ඔහුටත් ගහලා ඇදලා විසිකලා. 

මැරෙන්නම ගහද්දි එතන හිටියා අවුරුදු 35ක විතර තරුණයෝ තුන්දෙනෙක්. එයාල කිවුවා ගහන්න එපා මෙයාට මෙයා තමයි ගෝඨාභයට විරුද්දව කතා කරපු පලවෙනි මිනිහා කියලා. 

එතකොට අනිත් අය කිවුවේ මෙයත් දෙසිය විසි පහෙන් කෙනෙක් කියලා. පස්සේ මම වාහනය ඇතුලේ ඉද්දීම ගිනි තිබ්බා. එළියට එන්න විදිහක් තිබුනේ නෑ. මම ඉන්න පැත්තේ දොර ලොක් වෙලා තිබ්බේ. අර තරුණයෝ තුන්දෙනා මාව වාහනෙන් එලියට ඇදලා ගද්දි මගේ සරම,කලිසම ගැලවුණා. යට ඇඳුම පිටින් හිටියේ"

ඔහු සිදුකල සම්පුර්ණ කතාව පහතින් 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka