gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් ඉවරයි! කැලණිතිස්ස බලාගාරය වහයි! අරින දිනයක් කියන්නත් බෑලු!

නැප්තා ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය සිකුරාදා (22) රාත්‍රියේ ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙනවා.

මේ වන විටත් සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොකිරීම නිසා නැප්තා ඉන්ධන තොග රට තුළ අවසන් වී ඇති බවයි කියන්නේ.

කැලණිතිස්ස බලාගාරය නැවත ක්‍රියාකරවීමේ දිනයක් නොදන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ඇන්ඩෲ නවමනී පවසනවා.

“බලාගාරය නැවත විදුලිය උත්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් අපට නැප්තා හෝ ඩීසල් ලබා දෙන්න ඕනේ” යි ඔහු පවසා තිබෙනවා.

ඔහු සදහන් කරන්නේ කැලණිතිස්ස බලාගාරය බල ගැන්වීම සඳහා ඩීසල් ලීටර් මිලියනයක් පමණ අවශ්‍ය බවයි.

ඩීසල් ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ඩීසල් බලාගාර කිහිපයක් ද නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (23) රාත්‍රිය වන විට ද්‍රව ඉන්ධන (HFO, නැප්තා සහ ඩීසල්) මත ක්‍රියාත්මක වන තාප බලාගාරවල ඉන්ධන අවසන් වීමේ අවදානමක් ඇති බව වාර්තා වුණා. දැනට අවශ්‍ය කරන ඉන්ධන (furnace oil) මෙට්‍රික් ටොන් 30,000ක් ගොඩබා තිබෙන බව කියනවා. මෙම බලාගාර දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 2,500ක් අවශ්‍ය බැවින් අදාළ මෙට්‍රික් ටොන් 30,000 ප්‍රමාණවත් වන්නේ දින 12-13ක් සඳහා පමණයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස්. ඉලංගකෝන් කියා සිටියේ ලංවිම මේ වන විට පැය තුනක විදුලි කප්පාදුවක් සමඟ තත්ත්වය කළමනාකරණය කරමින් සිටින බවයි.

මේ වන විට ලංවීමට අයත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හැර අනෙකුත් බලාගාර ක්‍රියාත්මක වන්නේ නැහැ.

සංඛ්‍යාලේඛනවලට අනුව රටේ බලශක්ති ඉල්ලුමෙන් 39.6% ක් ජල විදුලියෙන් ද 33.6% ක් තාප (ගල් අඟුරු) බලයෙන් ද උත්පාදනය කරන අතර තාප (තෙල්) විදුලි දායකත්වය දැනට 9.5% ක්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka