ලංකාව අර්බූදය ඉතා ගැඹුරුයි! වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍යයි! ඒ නිසා IMF කොන්දේසි ඉතා බැරෑරුම් ඒවා වේවි! හිටපු මහබැංකු අධිපති රටට වෙන්න යන දේ පෙන්වා දෙයි!
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉදිරිපත් කරන කොන්දේසි ‘ඉතා බැරෑරුම්’ වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලුවේ ගැඹුරු බව සඳහන් කරමින් ඔහු කියන්නේ මුහුණ දී සිටින අර්බුදයට වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍ය බවයි.
මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට IMF වෙත අවශ්‍ය කරන බවයි ආචාර්ය කුමාරස්වාමි පවසන්නේ.
රටේ ආර්ථිකය අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, ඒවායේ වත්කම් ඉවත් කිරීම වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට සිදුවනු ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පවසනවා.
ඒ සඳහා උපකාර කිරීම සඳහා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු විශිෂ්ට කණ්ඩායමක් සිටින බව ආචාර්ය කුමාරස්වාමි කියනවා.
ලංකාව අර්බූදය ඉතා ගැඹුරුයි! වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍යයි! ඒ නිසා IMF කොන්දේසි ඉතා බැරෑරුම් ඒවා වේවි! හිටපු මහබැංකු අධිපති රටට වෙන්න යන දේ පෙන්වා දෙයි!
2022-07-25T11:51:00+05:30
Gossip Lanka Hot News






