ලබන වසරේ ජනවාරි මාසයේ සිට ජර්මනියට භාණ්ඩ ආනයනය කිරීමේදී අපනයනකරුවාගේ පාර්ශ්වයේ මානව අයිතීන් සුරැකීම සහ තිරසාරත්වය සම්බන්ධයෙන් අදාළ රට සහ කර්මාන්ත අනුගමනය කරන පිළිවෙත් වැඩි වශයෙන් සැලකිල්ලට ගන්නා බවත් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ද ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ජර්මන් රජයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන මාකස් ලුනින්ග් පවසයි.
‘ඩේලිමි මිරර්’ පුවත්පත සමග අද (29) සම්මුඛ සාකච්ඡාවකට එලඹ ඇති ඔහු තවදුරටත් පවසා ඇත්තේ කර්මාන්ත ශාලා තුළ සේවය කරන්නන්ගේ මානව සහ කම්කරු අයිතීන් සුරැකීම, තිරසාරත්වය සම්බන්ධයෙන් ගෙන අති පියවර ආදිය සිය ආනයනවලදී අනිවාර්යයයෙන් සැලකිල්ලට ලක්විය යුතු බවට වන නීතියක් ජර්මන් රජය මේ වනවිට සම්පාදනය කර ඇති බවයි.
ඉදිරියේදී ජර්මනිය සිය ආනයන සඳහා චීනය හැර වෙනත් රටවලට අවස්ථාව ලබාදීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බැවින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම යෝග්‍ය බවද මාකස් ලුනින්ග් සඳහන් කර ඇත.
