gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍යය උස්සලා?; CID පරීක්ෂණ ඇරඹෙයි!

රුවන්වැලි මහා සෑයේ පැරැණි කොතේ පලඳා ඇති මැණික් ගල් (චූඩා මාණික්‍ය) ගලවා ඒ වෙනුවට වීදුරුගල් අල්ලා ඇති බව ඇතුළු ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කර තිබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම නියෝගය කර ඇත.

පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී මේ ඉල්ලීම කර තිබේ.

දායක සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් හුවමාරු වන තොරතුරු අසා තමන් විමතියට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසය. එම විමර්ශනය අවසානයේදී මහජනතාවට ඒ සම්බන්ධයෙන් නිවැරැදි තත්ත්වය පැහැදිලි කර දීමට කටයුතු කරන ලෙසයි.

දායක සභාවේ මේ ඉල්ලීමට මුල්වී ඇත්තේ අන්තර්ජාල නාලිකාවක පැවති සංවාදයකදී අයෙක් විසින් කොත්වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.

පල්ලේගම හේමරතන හිමියන් විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීම කර ඇත්තේ දායක සභාවේ ඉල්ලීමට පෙර බවද මේ අතර මාධ්‍ය වාර්තා කර තිබේ.

උන්වහන්සේ පොලිස්පතිවරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් දෙදෙනෙක් සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ පැරැණි කොත්වහන්සේගේ මැණික් ගල් කෝටි ගානකට අලෙවි කර ඇති බව සහ නව කොත්වහන්සේගේ චූඩා මාණික්‍ය වීදුරු බව සඳහන් කරමින් කර ඇති ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙනි.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka