gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්... වැඩ බලන ජනාධිපතිවරයෙක්...වටලනු ලැබූ අගමැතිවරයෙක්... ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න - ලංකා සභාව නිවේදනය කරයි!

පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්‍ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්තමාන අර්බුධකාරී තත්වය පාලනය කිරීමට එකඟතාවයකට පැමිණිය නොහැකි අවුල්සහගත තත්වයක පාර්ලිමේන්තුව සිටින බවත් හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතීන් මර්ධනයට හෝ සාමකාමී ජනරාශීයට පීඩා කිරීමට භාවිතා නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කලබලකාරී තත්වය හමුවේ සන්සුන්ව සිටින ලෙස සහ රාජ්‍ය දේපළ විනාශ කිරීමට කිසිඳු ලෙසකින් ප්‍රයන්ත නොදරන ලෙසත් සම්පත් ආරක්‍ෂා කරගනිමින් වගකීමට සවිඥාානිකව සිටීම සහ රටේ යහපැවැත්ම උදෙසා ප්‍රඥාාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සියලුම පාර්ශව අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් රට තුළ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව කණගාටුවන අතරම අරාජික තත්වයට ඇඳ වැටීමට හැකියාවක් නොමැති බවත් ‘ලංකා සභාව’ වැඩි දුරටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුහිමි සහ දුෂාන්ත රුද්‍රිගු කොළඹ රදගුරුහිමි එම නිවේදනයට අස්සන් තබා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka