gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපෑම් කරන්න එපා! වහාම අයින් කරගන්න! රනිල්ගේ හදිසි නීතිය ගැන නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි!

මේ වන විට ශ්‍රී ලංකාවේ පනවා ඇති හදිසි තත්ත්වය වහා අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මගින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ මහජන විරෝධතා සහ රටේ වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බවට  සිය ස්ථාවරයේ වෙනසක් සිදුවී නැති බවද එම සංගමය පවසයි.

පාර්ලිමේන්තුව තුළ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීමට නියමිතව ඇති මොහොතක පනවනු ලබන හදිසි නීති රෙගුලාසි මගින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල මතයක් ප්‍රකාශ කිරීම, යටපත් කිරීම හෝ යම් විසම්මුතියක් යටපත් කිරීම හෝ විශේෂිත අපේක්ෂකයෙකු පිළිබඳව විරුද්ධ වීම හෝ එකඟ නොවීම, යටපත් කිරීම සිදු නොකළ යුතු බව  ශ්‍රී ලංකා නිතිඥ සංගමය පෙන්වා දෙයි.

සාමකාමී විරෝධතාවයක් ප්‍රචණ්ඩත්වයට පත් වුවහොත්, එය සාමකාමී ලෙස විසම්මුතිය ප්‍රකාශ කිරීමේ පරමාර්ථය සහ අරමුණ ව්‍යර්ථ කරන අතරම, නීත්‍යානුකූල විසම්මුතිය යටපත් කිරීමට උත්සහ කරන්නන්ගේ දෑත ශක්තිමත් කරන බවද පෙන්වා දෙන නීතීඥ සංගමය, විරෝධතා සාමකාමීව පවතින බවට සහතික කිරීමට විරෝධතාවයේ යෙදී සිටින්නන් විසින් උපරිම සැලකිල්ලක් දැක්විය යුතු බවත්, එම විරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වය හා විනාශය ඇති කිරීමට උත්සහ කරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත් කියා සිටියි.

නීතීඥ සංගමය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka