gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජපක්ෂ ආණ්ඩු ගත්ත කෝටි විසි අටදහක විදෙස් ණය ලේඛනවලත් නෑ!

පුත්තලම ගල්අඟුරු බලාගාරය සහ හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ලබා ගෙන ඇති රුපියල් කෝටි විසි අටදහසකට අධික විදේශ ණය රජයේ කිසිදු මූල්‍ය ප්‍රකාශනයකට ඇතුළත්ව නැතැයි අනාවරණය වී තිබේ.

පුත්තලම ගල්අඟුරු බලාගාරය අදියර 1 සඳහා ලබා ගත් රුපියල් කෝටි දෙදහස් දෙසිය හතරක් ද, අදියර 2 වෙනුවෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි දහදහස් පන්සිය අනූ හතක් ද මේ අතර ඇති බව පැවසේ.

එමෙන්ම හම්බන්තොට වරාය අදියර 1 සඳහා ලබාගෙන ඇති රුපියල් කෝටි එක්දහස් හයසිය හැත්තෑ හයක් ද අදියර 2 වෙනුවෙන් ලබාගෙන තිබෙන රුපියල් කෝටි දොළොස් දහස් තුන්සිය හැත්තෑ හයක් ද මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්ව නැත. තව ද එම වරාය පළමු අදියරේ අතිරේක වැඩ වෙනුවෙන් ලබා ගත් රුපියල් කෝටි දෙදහස් හැත්තෑ අටක් ද ඒ අතර වෙයි.

මෙම ව්‍යාපෘති දෙක සඳහා ලබා ගෙන ඇති සමස්ත ණය මුදල රුපියල් විසිඅට දහස් තිස් පන් කෝටි හැත්තෑ නව ලක්ෂ තිස් අටදහස් පන්සිය තිස් පහකි.

මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවකිනි.

පසුගිය වසරේ විදේශ ණය ආපසු ගෙවීම් වටිනාකම සහ මූල්‍ය ප්‍රකාශනවල සටහන් ණයවලට ගෙවිය යුතු ආපසු ගෙවීම් වටිනාකම් අතර රුපියල් කෝටි එක්දහස් හයසිය තිස් පහක වෙනසක් නිරීක්ෂණය වූ බවත් එම වාර්තාව අනාවරණය කර ඇත.

මෙසේ ලේඛන ගත නෙවූ ණය මුදල් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ ගත් ණය බවද අනාවරණය වේ.
-srilankamirror
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka