ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම කල් යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනත් තැනකින් මුදල් ලබාගත් පමණින් මෙම අර්බුද නොවිදෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේදී (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග) එකඟත්වයකට ඇවිල්ලා. අගෝස්තු මාසයේ පළමු සතියේදී අයි.එම්.එෆ්. මණ්ඩලයෙන් අනුමත කර ගන්න. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසයේ අන්තිමට.
මොකද පළමු සතියෙන් පස්සේ නිවාඩු කාලේ. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ විතර. මේ එකගතත්වය නැතිව වෙන කවුරුවත් එන්නේ නෑ.
අයි.එම්.එෆ්. ගිහින් එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්න එපා මේ ප්‍රශ්ණේ විසඳෙයි කියලා. අපේ ණය බර තව වැඩිවෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ.
අපිට වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕන. අලුත් මාර්ග ඕන. අපේ කෘෂිකර්මය නවීකරණය වෙන්නේ ඕන. අපි මේ දිහා බලලා වැඩ කරනවද? නැත්නම් සටන් පාඨ කියනවද?
අපි මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් මේ රට නැතිවෙනවා. ඊළඟ පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද? නැගිටිනවද? කියන එක අපිට තියෙන අභියෝගය. අලුත් ලංකාවක් හදනවද?
අලුත් ශක්තිමත් මධ්‍යම පංතියක් හදනවද? අපි අපනයනයට බරවෙන ආර්ථිකයක් හදනවද? දැන් තියෙන ආර්ථිකය හැදුවේ 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මම ඒකේ කොටසක් කාරයෙක්. ඒ ආර්ථිකයේ කාලේ දැන් ඉවරයි.”
