gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ මිලියන 6කට ඊළඟ කෑම වේල ෂුවර් නෑ

මෙරට පුද්ගලයින් මිලියන 6කට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන විසින් ඊයේ (06) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලාංකිකයින් මිලියන 6.26ක් හෝ නිවාස 10කින් 3ක් ඊළඟ කෑම වේල කෙසේ ලැබේදැයි අවිනිශ්චිතතාවයෙන් පසුවන බවය.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 61ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර පෝෂදායී ආහාර අනුබවය ද අඩු වී ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන් ද පෝෂදායී ආහාර අනුබව කිරීමෙන් වැළකි සිටින බැවින් ඔවුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය ද අවදානමකට ලක්ව ඇති බව ද ලෝක අහාර වැඩසටහන පෙන්වා දී තිබේ.

පවුල් ලක්ෂ 2ක් පමණ මේ වන විට දැඩි අවදාමනකට ලක්ව සිටින අතර ඉදිරියේ දී එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි.

වාර්තාගත ලෙස ආහාර උද්ධමනය ඉහළයාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka