gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සුසිල් එක්ක යළි කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොකරන්න ස්වාධීන කණ්ඩායම තීන්දු කරයි!

ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා ගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග යළි කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිදු නොකිරීමට පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.

ඒ අනුව ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට හෝ සුසිල් ප්‍රේමජයන්ත මහතාට ආරාධනා නොකිරීමට එම පිරිස තීරණය කොට ඇත.

කලින් සුසිල් ‌ප්‍රේමජයන්ත මහතාද නියෝජනය කළේ මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමය.

නමුත් අධ්‍යාපන අමාත්‍ය ධූරය බාරගැනීමෙන් පසු සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කිරීම මෙම පිරිසේ දැඩි විරෝධයට හේතු වී තිබේ.

ඒ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන කිසිදු කටයුත්තක් දැනුම් නොදීමටද එම පිරිස තීන්දු කර ඇත.

ප්‍රේමජයන්ත මහතා සමගම සිටි අනුර ප්‍රියදර්ශන මහතා හට මුදල් රාජ්‍ය ධූරය ලබා දීමට පියවර ගත්තද ඒ මහතා එය ප්‍රතික්ෂේප කර තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka