"මිනිස්සු දුක් විඳිනවා...මේක හොර කුපාඩි ආණ්ඩුවක්" - විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර මහපාරට බසියි (VIDEO)
මේ රටේ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් හෝ, මේ රට බරපතළ ලෙස කඩා කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පෝලිම් වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන,කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මා වරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත් ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.
"මිනිස්සු දුක් විඳිනවා...මේක හොර කුපාඩි ආණ්ඩුවක්" - විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර මහපාරට බසියි (VIDEO)
2022-06-21T12:58:00+05:30
Gossip Lanka Hot News





