gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝයල් පාර්ක් සිද්ධිය ගැන මෛත්‍රී කියූ කතාවට රතන හිමිගෙන් පැමිණිල්ලක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළා යැයි පැවසෙන ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ය.

පසුගියදා දෙරණ 360 වැඩසටහනට එක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඉල්ලීමක් කළ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය රතන හිමි,

"ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව."

විශේෂයෙන්ම මේ පවුලේ අය මා වෙත යොමු කළේ අපවත් වී වළාද මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මම කල්පනා කළා අපි සියලුදෙනාම නිදහස් වෙන්න ඕනේ. අනිත් එක ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා අපි නෙමෙයි ඉල්ලුවේ ප්‍රධාන වශයනේම. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිතව තියෙන විශ්‍රාමලත් නඩුකාරවරු, මනෝ වෛද්‍ය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් තමයි ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ. අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, අවසාන වශයෙන් මේ නිදහස ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන නිසා. වක්‍රාකාරයෙන් යම් චෝදනාවකට අපි ගොනුවන නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම අද පැමිණිල්ලක් කළා."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka