අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයකුගේ ශෝක ප්‍රකාශ යෝජනාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ට චෝදනා නොකරන බවත්, එය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වුවත් දෙවරක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය කඩ කරමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයාට චෝදනා කළ බවත් දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය මියගිය මන්ත්‍රීවරයාට කරන අගෞරවයක් ලෙසය.
එය කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාට පෙන්වා දුන් බවද ඒ මහතා කීය.
