ලංකාවට ඇත්තේ ලබා දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක් බව බ්‍රිතාන්‍යයේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මාර්ක් බ්‍රවුන් (Mark Malloch Brown) පවසනවා. ටිවීට් පණිවිඩයක් තබමින් ඔහු කියන්නේ ලංකාව මේ නරකාදියට ඇද වැටුණු සැබෑ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතුව ඇති බවයි.
ඔහු මෙම ට්වීට් සටහන තබා ඇත්තේ පසුගිය 22 දිනයි.
“ආධාර වෙනතකට යොමු කිරීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබේ” යනුවෙන් සඳහන් ඔහුගේ ට්වීට් පණිවිඩයෙන් කියා ඇත්තේ ලංකාවේ අර්බුදයට මැදිහත් වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව ඇතැයි පවසන මාර්ක් බ්‍රවුන්, එසේ නොවුනොත්, මේ වතාවෙත් දූෂිත දේශපාලනඥයන් ගොඩ ගොස් ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාවට කිසිවක් නොලැබීමේ අවදානමක් ඇති බවයි.
මාර්ක් බ්‍රවුන් නමින් ප්‍රකට ජෝර්ජ් මාර්ක් මල්ලොක් බ්‍රවුන්, බැරන් මල්ලොක් බ්‍රවුන් යනු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, සන්නිවේදන උපදේශකයෙක්, මාධ්‍යවේදියෙක් සහ හිටපු දේශපාලනඥයෙක්.
ඔහු 2021 සිට Open Society Foundations (OSF) හි සභාපති ලෙස සේවය කරනවා.
කම්කරු පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වූ ඔහු 2007 සිට 2009 දක්වා බ්‍රවුන් රජයේ අප්‍රිකාව සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ අයෙක්.
මීට පෙර 2006 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කර ඇත්තේ කොෆි අනන් එහි ප්‍රධානියාව සිටි කාලයේ යි.
ඔහු කේම්බ්‍රිජ් හි Magdalene College සහ Michigan විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1977 සහ 1979 අතර ද ඉකොනොමිස්ට් පුවත්පතේ දේශපාලන වාර්තාකරුවෙකු වූවා.
1979 සිට 1983 දක්වා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළා.
1994 සිට 1999 දක්වා ලෝක බැංකුව, 1999 සිට 2005 දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක ලෙස කටයුතු කළ අයෙක්.මේ දීර්ඝ කාලීන ප්‍රකට රාජතන්ත්රිකභාවය නිසාම ලෝකයේ බොහෝ දෙනෙකු මාර්ක් බ්‍රවුන් ගේ අදහස් ගැඹුරින් සලකන බවයි කියන්නේ.
Sri Lanka has a history of diverting aid. @IMFnews must acknowledge the reason the country is in this mess by putting this issue on the agenda during their visit. Otherwise they risk bailing out corrupt politicians instead of people in need. https://t.co/jlkfUGALiZ
— Mark Malloch-Brown (@malloch_brown) June 22, 2022
