සුරාබද්දො දේශපාලකයින් එක් වී දිනකට රුපියල් කෝටි 40ක් හොරා කනවා - මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව යුතු රුපියල් මිලියන 400 ක මුදලක් අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන් ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පවසයි.
එම මුදල සුරාබදු නිලධාරීන් ද දේශපාලනඥයින් ද ඇතුළු විවිධ කොටස් අතරේ බෙදා හැරෙන බවද හෙතෙම පැවසීය.
නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මත්පැන් සඳහාවන මෙම බදු මුදල් හුවමාරු වීම හේතුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් රේගුවට දෛනිකව විශාල මුදලක් අහිමි වන බව ද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් සහ මත්පැන් අළෙවි සැල් වලින් දිනකට රුපියල් මිලියන 400ක් රටට අහිමි වීම බරපතළ තත්ත්වයක් බව මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියහ.
මෙරට මත්පැන් බද්ද නිසි පරිදි රජයට අය කර ගන්නේ නම් එය පවතින ආර්ථික අර්බුදය ට කදිම විසඳුමක් බව ද ඔවුහු පැවසූහ.
මත්පැන් බලපත්‍රලාභීන් කිය සංගමයේ සාමාජිකයෝ අද (10) පෙරවරුවේ මහනුවරදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළ අතර මෙම අවස්ථාව සඳහා සංගමයේ සභාපති අජිත් උඩුගම ලේකම් චමින්ද කුරුප්පුආරච්චි භාණ්ඩාගාරික රවීන් සොයිසා ජාතික සංවිධායක ජේ ප්‍රසන්න විතානගේ සහ සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු සහභාගී වූහ
සුරාබද්දො දේශපාලකයින් එක් වී දිනකට රුපියල් කෝටි 40ක් හොරා කනවා - මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය
2022-06-10T15:40:00+05:30
Gossip Lanka Hot News





