හරීන් නැතිව ජනාධිපතිතුමා සංචාරක ක්ෂේත්‍රය ගොඩගන්න හැටි සාකච්ජාවක් තියයි! පාස්කු ප්‍රහාරය ගැනත් පොඩි එකක් මතක් කරයි!
සංචාරකයන් ගෙන්වාගැනීමට නව ප්‍රවේශ හඳුනා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරයට සෘජු හා වක්‍ර සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති.
පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය.
ජාතික ආර්ථිකයට සේ ම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය කඩිනම්ව නඟාසිටුවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මඟින් නිවැරදි කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය ද නිලධාරීහු පෙන්වා දුන්හ.
සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්‍රයට ලබා ගත හැකි බව ද සාකච්ඡා කෙරිණ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් ව සිටියහ.
හරීන් නැතිව ජනාධිපතිතුමා සංචාරක ක්ෂේත්‍රය ගොඩගන්න හැටි සාකච්ජාවක් තියයි! පාස්කු ප්‍රහාරය ගැනත් පොඩි එකක් මතක් කරයි!
2022-06-12T08:28:00+05:30
Gossip Lanka Hot News





