ගෝඨාගෝගම අරගලභූමියේ තරුණයකු උස්සයි!
ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලභූමියේ දීර්ඝකාලීන මෙන් ම සක්‍රිය සාමාජිකයකු වන අමල් සාලින්ද ඊයේ (20) සවස පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගැනීමට හේතුවක් හෝ වරෙන්තුවක් ඉදිරිපත් කර නොමැති අතර, මේ වන තුරු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කවර පොලිස් ස්ථානයෙන් ද යන්න වත් හෙළිදරව් කර නොමැත.
මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කිරීමේ සහ අතුරුදන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වත්මන් රෙජීමයේ අලුත්ම බිල්ල වී ඇත්තේ අමල් සාලින්ද දැයි අරගලකරුවෝ සැක පහළ කරති.
හෙට දිනයේ මෙම පැහැරගැනීම පිළිබඳව අරගලකරුවන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිතය.
- theleader
ගෝඨාගෝගම අරගලභූමියේ තරුණයකු උස්සයි!
2022-06-21T08:26:00+05:30
Gossip Lanka Hot News





