පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (24) පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත්වනු ඇත.
ඔහු යටතේ ටෙලිකොම්, වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු බලගතු ආයතන රැසක් පවතින බවද දැනගන්නට ඇත.
