gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල කරුවන්ට පහර දෙන්නට පොලිසිය ඉඩ හැරිය හැටි පොලිස් ප්‍රධානියෙක්ම සී.අයි.ඩි.යට කියයි!

සාමකාමී අරගල කරුවන්ට පහරදීමෙන් ඇරඹුණු මැයි 09 අපරාධය සිදුවු දා මුළු උදේ වරුවේම අරලියගහ මන්දිරය තුළ  රැඳී සිටි කොළඹ ආරක්ෂාව භාර උසස් පොලිස් නිලධාරීන් රැසක්  පිළිබඳව තවත්  පොලිස් ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ හෙළිදරව්වක් කර තිබේ.

එම ප්‍රකාශය ලබා දුන් පොලිස් නිලධාරියාට පැවරී තිබී ඇත්තේ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව භාරව කටයුතු කිරීමය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්  ලබා දෙමින් පවසන්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව, කොළඹ ආරක්ෂාවට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  ඇතුළු නිලධාරීන් රැසක්  උදේ වරුවේම අරලියගහ මන්දිරය තුළ සිටි බවත් ඒ  කිසිම නිලධාරියෙකුට අරලියගහ මන්දිරයෙන් එළියට යන  පිරිස වළක්වා ගැනීම සඳහා  පෙර සූදානමක් නොතිබුණු බවත්ය.

ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මන්දිරයට බස්වලින් පැමිණි පිරිස් බේරේ වැව වටේ බස් රථ නවත්වා  පෙරහර මාවතට විවරවන අරලියගහ මන්දිර ප්‍රවේශයෙන් මන්දිරයට ඇතුළු වූ බවය.

එහෙත් මේ තරම් උස්ස පොලිස් නිලධාරීන් පිරිසක් අරලියගහ මන්දිරය තුළ සිටිද්දී ගැටුමකට ඍජුවම තුඩු දෙන ආකාරයට  එම පිරිස පිටත් කර හැරීමට කටයුතු කර තිබුණේ අරලියගහ මන්දිරයේ  ගාලු පාරට විවරවන පිවිසුමෙන් බවත් ඔහු පෙන්වා දී තිබුනේය.  මේ තත්ත්වය අහම්බයක් නොවන බව ද ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම අරලියගහ මන්දිරයට පිටස්තර  පුද්ගලයින් ප්‍රවේශ කරගන්නේ ජාතික හැඳුනුම්පත් සහිත නම් ලයිස්තු රැගෙන  එම පුද්ගලයින් පිළිබඳ දැඩි සෝදිසියක් සහිත ක්‍රමවේදයකින් වුවත් මැයි 09 අපරාධය සිදුවූ දිනයේ එහි පැමිණි කිසිවෙකුගේ කිසිම විධිමත් ලේඛණයක් නැති බව තමන්ට නිරීක්ෂණය වී යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සිය කටඋත්තරයේ සටහන් කර තිබේ.

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka