මේ මොහොතේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට බිල ඉහළ දමන්නේ නම් විදුලි බිල 250% කින් වැඩි කළ යුතු බව මණ්ඩලයේ සභාපති එම්.එන්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරයි.
මණ්ඩලයේ මාසික ආදායම රුපියල් බිලියන 277 වුවත් වියදම රුපියල් බිලියන 755 වී ඇතැයිද හෙතෙම පැවසීය.
නමුත් එතරම් ප්‍රමාණයකින් බිල ඉහළ දැමීම ජනතාවට සිදු කරන බව අසාධාරණයක් නිසා සාධාරණ ගණනකින් විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
2014 වසරේ සිට විදුලි බිල දක්වා නැති බවත් ක්‍රමානුකූලව වසරෙන් වසර බිල ඉහල දැමුවේ නම් එකවර විශාල වැඩිවීමක් දක්වා නොයා සිටීමට හැකිව තිබූ බවත් ඔහු සදහන් කරයි.
විදුලි බිල වැඩි නොකළ හොත් ඉදිරි මාසයේ දී මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට හෝ නොහැකි තත්ත්වයක් උදාවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
